ශ්රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අලුයම සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු කාවන්තිස්ස පුර, ශ්රී පුර ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරනවා.