ළූනු මිල පාලනයට ‘රෝස ළූනු’ එයි

ඉහළ යන ලොකු ළූනු මිල පාලනය කිරීම සඳහා ‘රෝස ළූනු’ නමැති මධ්‍යම ප්‍රමාණයේ ළූනු ප්‍රභේදය ආනයනයට අවශ්‍ය පහසුකම් සපයන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඉහළ යන ලොකු ළූනු මිල පාලනය කිරීම සඳහා පිටකොටුව තොග වෙළෙඳුන් සමඟ අද ( 12) වෙළෙඳ අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවක දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, මෙම නව ළූනු ප්‍රභේදය කිලෝග්‍රෑම් එකක් රු. 375ක් 400ක් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බව සඳහන් කළ අතර ඉන්දියාව ලොකු ළූනු අපනයනය නැවැත්වීමත් මීට සතියකට පෙර පාකිස්තානය සිය ළූනූ අපනයනය නැවැත්වීමත් නිසා මෙරට වෙළෙඳපොළ තුළ ළූනු සැපයුම අඩු වූ බවයි අමාත්‍යවරයා කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles