පසුගිය වසර 30 ක කාලයේ දී මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් වූ සිසුන්ගේ සංඛ්‍යා දත්ත නිරීක්ෂණය කිරීමේ දී මුළු සංඛ්‍යාවෙන් 73% ක් පමණ සිසුවියන් බව අනාවරණය වී තිබෙනවා.
දත්ත නිරීක්ෂණය ඇසුරෙන් මේ බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨයෙකු වන දිලීප්ද සිල්වා මහාචාර්යවරයායි. වෛද්‍ය පීඨවලට ඇතුළුවන ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය වසර 30කදී 21%කින් ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ. මෙරට පසුගිය වසර 20 තුළ බිහි වුණ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය පිරිසෙන් 83%ක් කාන්තාවන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව තව වසර කිහිපයකින් මෙරට රෝහල්වල සේවය කරන වෛද්‍ය බහුතරය කාන්තාවන් වනු ඇති.