” ඔන්මැක්ස් ඩී.ටී.” නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළේ ක්‍රිප්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා ඇමරිකානු ඩොලර් මිලියන 4.7 මුදලක් මෙසේ ආයෝජනය කර ඇති බව සඳහන් වෙනවා.
” ඔන්මැක්ස් මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරයෙකු ක්‍රිප්ටෝ කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්,ගිණුම් හතරකින් ඍජුවම මුදල් සභාපතිවරයාට බැර වී ඇති බවත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා.
සැකකාර අධ්‍යක්ෂක විසින් ඍජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් වන බවද කරුණු ඉදිරිපත් වී ඇති අතර ජෝර්ජියානු ජාතිකයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැර වී ඇති බව ද සඳහන් වෙනවා.
මෙම සභාපතිවරයා හා විදේශිකයා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්ඩංගුවට ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නිකුත් කර තිබෙනවා.