Onmax-DT නම් පිරමීඩාකාර මූල්‍ය ජාවාරම් කළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ජනතාවගෙන් වංචා කළ මුදල් යොදවා රුපියල් කෝටි ගණනක වටිනාකමක් ඇති ඉඩම් 16ක් මිලට ගෙන ඇති බව ඊයේ (07) රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.
කෙසේ වෙතත් සැකකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කළ පසු එකී ඉඩම් 16න් 12ක්ම රත්නපුර-ඕපනායක වෛද්‍යවරයෙකු විසින් එකවර මිලට ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
මිලියන ගණන් වටිනා මෙම ඉඩම් එකම දිනකදී මිලට ගත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැන් විමර්ශන ආරම්භ වී තිබෙනවා. එය ඔහුගේ ම මුදල්දැයි විමර්ශන අංශ සැක පළ කරනවා.
පරීක්ෂණ ප්‍රගතිය අනුව සැකකාර අධ්‍යක්ෂවරයාට විවෘත වරෙන්තු නිකුත් කර ඇති අධිකරණය වෛද්‍යවරයාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.
Lankaline වෙබ් අඩවිය අවස්ථා ගණනාවකදී මේ මගඩිය ගැන හෙළිදරව් කළ අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ලියාපදිංචි ඉවත් කරගත් බව පළමුව හෙළිදරව් කළේද අප වෙබ් අඩවියයි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියා ලියාපදිංචිය ඉවත් කර ගත් බැවින් ඔවුන්ට එරෙහිව ඕස්ට්‍රේලියාව තුළ නීතිමය කටයුතු කිරීමේ ඉඩ මේ වන විට ඇහිරී තිබෙනවා.