මෑතකාලයේ මෙරට සිදු කළ බරපතළ ම පිරමීඩාකාර මුදල් ජාවාරම වන ඔන්මැක්ස් ඩීටී (ONMAXDT PTY LTD) නම් වංචනික ආයතනය සිය ඕස්ට්‍රේලියානු සමාගමේ ලියාපදිංචිය අවලංගු කරන්නැයි එරට ව්‍යාපාර කටයුතු සම්බන්ධ රජයේ ආයතනය වන Australian Securities and Investments Commission වෙතින් ඉල්ලා තිබෙනවා. ඒ ඉල්ලීම කර තිබෙන්නේ පසුගිය ජුනි 13 දිනයි.
මෙලෙස ඔවුන් ඉතා කඩිමුඩියේ සිය ලියාපදිංචිය ඉවත් කර ගැනීමට වෑයම් කරන්නේ මේ මහා වංචාවට ඕස්ට්‍රේලියානු නීතිය යටතේ කටයුතු කිරීම වළක්වා ගැනීමට බව එරට ආරංචි මාර්ග Lankaline වෙත දන්වා සිටිනවා.
එබැවින් මෙම ලියාපදිංචිය ඉවත් කර ගැනීමට එරෙහිව Australian Securities and Investments Commission වෙත පැමිණිලි කිරීමෙන් ඔවුන් එම ලියාපදිංචිය අවංලගු කිරීම වැළැක්විය හැකියි. එහෙත් ඒ සඳහා කාලය ඇත්තේ අගෝස්තු 13 දින දක්වා පමණයි.
ජනතාව රවටමින් මෑත කාලයේ සිදු කරන ලද මහා පිරමීඩ ජාවාරමට එරෙහිව පෙරට පැමිණ මේ වංචනිකයන්ට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන්නැයි Lankaline.lk ශ්‍රී ලාංකේය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විරෝධතා ගොනු කළ හැකි සබැඳිය පහත දැක්වෙනවා.
Complaint Australian Securities and Investments Commission to : https://asic.gov.au/about-asic/contact-us/reporting-misconduct-to-asic/
ඔවුන් ව්‍යාපාරය කරගෙන ගිය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පාරිභෝගික සම්බන්ධතා ඒකකයටද පැමිණිලි කළ හැකියි. එහි සබැඳිය ද පහතින්
https://forms.business.gov.au/smartforms/servlet/SmartForm.html?formCode=oft-complaint-form
Complaint lodged. Thanks Lankaline for this.