“ඔන්මැක්ස් ඩී.ටී” වංචාව : අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණ නියෝගයක්

“ඔන්මැක්ස් ඩී.ටී.”තැන්පත්කරුවන් හා මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් රහස් පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඔන්මැක්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට අද (11) නියෝග කර තිබෙනවා.

තැන්පත්කරුවන් 61,210ගේ තොරතුරු යැයි කියමින් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේඛන රැසක් රහස් පොලිසියට භාරදී ඇතත් ,එම ලේඛනවල ආපසු මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට හැකි කිසිදු තොරතුරක් නොමැති බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළ බව සඳහන්.

තැන්පත්කරුවන්ගේ නම, ලිපිනය,තැන්පත් මුදල, හැඳුනුම්පත් අංකය, දුරකථනය අංකය හා ඊමේල් ලිපිනය මෙලෙස ලබාදීමට නියෝග කෙරුණා.

එම තොරතුරු ලැබුණු වහාම මුදල් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ දළ සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles