හිමිකාරිත්වය නෛතිකව පවරා නොගෙන, විවෘත බලපත්ර සහිතව වාහන භාවිතා කරන පුද්ගලයන් හට නඩු පැවරීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මෙරට ලියාපදිංචි වාහන ලක්ෂ 82ක් අතරින් ලක්ෂ 10කට ආසන්න ප්රමාණයක් හිමිකාරිත්වය පවරාගෙන නැතිව භාවිතා කරන බවයි වාර්තා වන්නේ.
මෙම තොරතුරු හෙළිව ඇත්තේ කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා මගින් හඳුනාගෙන දඩ නියම කිරීමේ වැඩපිළිවෙල ක්රියාත්මක කිරීමේදී බවයි දැනගන්නට ඇත්තේ.