අය-වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට දිනයේ සිදුවන බවත් එහි ඉරණම තීරණය වන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මත බවත් නිදහස ජනතා සභාවේ සාමාජික ජී.එල්. පීරිස් පවසනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අපේක්ෂාවක් පමණක් බවත්, වැට් බද්ද 18% කින් ඉහළ දැමූ බවත් ඩීසල් පෙට්රල් සඳහා වැට් බදු එකතු කළ බවත් පැවසූ ඔහු පවසනවා.
ඓතිහාසික හා පෞරණික සම්පත් විකුණා දැමීමට විරුද්ධ බව මහචාර්යවරයා වැඩිදුරටත් පවසනවා.
පොදුවේ සමස්ත අය-වැයම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ අහසට පොළොව මෙන් වෙනස්කම් පවතින බව පවසන ඔහු පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය ප්‍රසිද්ධියේ විවේචනය කළද එය යථාර්ථයක් කිරීමට නම් අයවැය ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් නිදහස ජනතා සභාව වෙනුවෙන් මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.