පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.
බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ආසිරි පෞද්ගලික රෝහල පසුගිය දා රුපියල් 25000 දඩයක් ගෙවනු ලැබුවේ පාලන මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සම්බන්ධ නඩුවකට වරද භාර ගැනීම හේතුවෙන්.