කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සාමාජිකයින්ගේ අවසන් කටයුතු හෙට (17) සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා.
කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් මෙම කටයුතු සංවිධානය කර ඇති අතර එරට වෙලාවෙන් පස්වරු 01.00 එම කටයුතු සිදුකරන බව සඳහන් වෙනවා.
එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස සංවිධානය කර ඇති අතර අවසන් කටයුතු සඳහා ප්‍රහාරයට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිතයි.