අපේ එක ම මග කෘෂි-සංචාරක කර්මාන්තයි: ජනපති

මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව පසුගිය 22 වැනි දා ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පැවැත්වුණා.

එහිදී තරුණ තරුණියන් නැගූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙනු ලැබුවා.

එහිදී ජනපතිවරයා කියා සිටියේ, අප රටේ නිපදවන දේ අපනයනය නොකිරීම නිසාවෙන් ඉන්ධන වැනි දේ මිලට ගැනීම වෙනුවෙන් ණය වීමට සිදු වූ බවයි. අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට අවධානය යොමු නොකිරීම ගැන ඔහු එහිදී සිහිපත් කළා. අප සතු සම්පත් භාවිත කරමින් අපනයනය සඳහා වැඩි වශයෙන් යොමු විය යුතු බව කී ජනපතිවරයා, කෘෂි කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම මගින් ආනයන ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම කළ යුතු බව කියා සිටියා. එම පරිවර්තනය වෙනුවෙන් ආර්ථික පරිවර්තන පණත ගෙන එන බව එහිදී වැඩිදුරටත් ජනපතිවරයා සිහිපත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles