මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේදී තුන් ලක්ෂ එකොලොස් දහසක පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය බවත් මේ වසර අවසන් වන විට ලක්ෂ තුනකට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
එම කාර්යාංශය සඳහන් කරන්නේ ඊයේ (03) වනවිට විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ විසි හයදහසක් පමණ වන බවයි.