රාජ්‍ය ඇමති බලෙන් රැඳී සිටි වතු නිවසෙන් එළියට

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතු යායේ පිහිටි නිල නිවස අමාත්‍යවරයාට අයත් සියලුම බඩු භාණ්ඩ සමඟම වතු අධිකාරිවරයාට භාරදීමට නුවරඑළිය දිසා අධිකරණය කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා 1987 වසරේ මෙම වතුයායේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කර ඇති අතර එම කාලයේ මෙම නිවස ඔහුට නිල නිවස වශයෙන් ලබාදී තිබූ බවයි සඳහන් වන්නේ.

නමුත් රැකියාවෙන් ඉවත් වීමෙන් පසුව දශක තුනකට අධික කාලයක් ඔහු එය යළි භාර නොදී රැඳී සිට ඇති අතර වතු සමාගම ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.

දීර්ඝ කාලයක් පුරා නඩුව විභාග කළ නුවරඑළිය දිසා විනිසුරුවරයා ඔහුට නිල නිවසෙන් ඉවත් වන ලෙස නියම කරමින් තීන්දුව ලබා දුන්නා.

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පසුව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවද ඒවා ප්‍රතික්ෂේප කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles