මේ වසරේ මේ දක්වා මහමග සිදුවූ අනතුරුවලින් පාසල් සිසුන් 115ක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
පොලිස් රථවාහන අංශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල බදාදා (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ මරණ සිදුවී ඇති බවයි.
පොලිස් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති අතර සෑම පැය හතරකට වරක් එක් මරණයක් වාර්තා වන අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු වාර්තා වනවා.
2020 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2,363ක් ද, 2021 වසරේ පුද්ගලයන් 2,513ක් ද, 2022 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2,515ක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එය රටේ රිය අනතුරු වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සහකාර පොලිස් අධිකාරීවරයා පවසනවා.
වාර්තා වී ඇති මරණවලින් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් බවයි පොලිස් නිල වාර්තා දත්ත පෙන්වා දෙන්නේ.