ලාදුරු තුරන් වී නෑ: වැඩිම රෝගීන් කොළඹින්

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය තුරන් වී ඇති බවට ජනතාව අතර වැරදි මතයක් පැතිර තිබෙනවා. එසේ වුවත් ලාදුරු මර්දන ව්‍යාපාරයට අනුව 2023 ජනවාරි මස සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලාදුරු රෝගීන් 1300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ ඔක්තෝම්බර් මාසය වන විට සංඛ්‍යාව 1256ක් බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ගණන 256ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 138ක්, මඩකලපුවෙන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 92ක් රෝගීන් වාර්තා වී තිබෙනවා.

හඳුනාගත් රෝගීන් අතර වයස අවුරුදු 14ට අඩු දරුවන් 131 දෙනෙක්ද සිටින බවයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසන්නේ.

බැක්ටීරියාවකින් බෝවන මෙම රෝගය ප්‍රතිකාර මගින් සුවකළ හැකි වෙනවා. බෝවීමට ඉඩ ඇති මුත් දින තුනක් වැනි කාලයක් ඖෂධ ලබා ගත් විට බෝවීම වළකින බවයි කියැවෙන්නේ. සම මතුපිට ලා පැහැති ලප ඇති වීම මෙම රෝගයේ හඳුනාගැනීමේ ලක්ෂණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles