පුරප්පාඩු තිබුණත් දේශපාලන වාසි තකා රැකියා දෙන්නෑ : කංචන

තම අමාත්‍යංශය යටතේ ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේත්, විදුලි බල මණ්ඩලයේත් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබුණත් එම ආයතන පවතින සේවක සංඛ්‍යාවෙන් පවත්වාගෙන යාමට හැකි බවත් තමන් එම පුරප්පාඩු දේශපාලන වාසි මත පිරවීමට අපේක්ෂා නොකරන බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේපුරප්පාඩු 4,000 කට අධික ප්‍රමාණයක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ.

“දේශපාලන වාසි තකා මාතර දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 1000කට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා ලබාදීමට මට හැකියාව තිබුණත්, දේශපාලන අවශ්‍යතාවලට වඩා මෙම ආයතනවල පැවැත්මට මුල්තැන දෙන රජයේ ප්‍රතිපත්තියට එවැනි පියවරක් නොගැලපෙන බව ඇමැති කංචන වැඩිදුරටත් පවසා සිටියා.

වත්මන් රජය දේශපාලන වාසි මත එවැනි ජනප්‍රිය තීරණ නොගන්නා බවත් රටේ ආර්ථිකය ගැන සැලකිලිමත් වී තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයක් අතුරතුරදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles