ලයිසන් නැති අලි ඉන්න හාම්පුතුන්ට වැඩ වරදියි

ලියාපදිංචියකින් තොරව අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ අලි ඇතුන් 15 දෙනෙකු ඔවුන්ගේ අයිතිකරුවන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුල් අයිතිකරුවන් පිරිසක් වෙත මුදා හැරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් කරන ලෙස ඉල්ලා පාරිසරික හා සංස්කෘතික අධ්‍යන ආයාතනය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව ලබාදෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගත් අලි ඇතුන් යළි ඔවුන්ගේ අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණ විසින් නිකුත් කළ නියෝග ද අභියාචනාධිකරණය විසින් බල රහිත කළා.

එමෙන්ම මේ වන විට රඳවාගෙන සිටින අලි ඇතුන් යළි අයිතිකරුවන් වෙත මුදාහැරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles