කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර ඝාතනය කර මාසයක් ගතව තිබෙනවා. එහෙත් එම ඝාතනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
දැනට මේ ඝාතනය සම්බන්ධයෙන් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර තිබෙන බවයි වාර්තා වන්නේ. විවිධ පොලිස් අංශ 20ක් පමණ යොදවා ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන තතු යටතේයි කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ.
මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජෙ. පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් කණ්ඩායම් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.