ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.
කෙසේ වෙතත් ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් එය ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බවයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත් ඡන්ද ලබාගැනීමේ අරමුණින් ජනතාවට මෙම සහන ලබාදී නොමැති බව මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.