රඟපාන්න කියා ගෙන්වා, ක්ලබ්වල නැටවූ පාකිස්තාන තරුණියන් බේරාගැනේ

චිත්‍රපට නිෂ්පාදකයකු බව පවසමින් එක්තරා ව්‍යාපාරියෙක් විසින් මෙරටට පාකිස්තානයේ කරච්චි සිට තරුණියන් සය දෙනෙකු සහ එක් පිරිමි අයෙකු මෙරටට ගෙන්වාගෙන තිබෙනවා. පසුව කිසිදු චිත්‍රපට කාර්යයක් බාර නොදී, මේ පිරිස කොල්ලුපිටියේ සමාජ ශාලාවක රැඟුම් සඳහා යොදවා ඇති අතර, ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන්ව මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් සහ මාසයක ව්‍යාපාරික වීසා සූදානම් කර ඇති අතර රුපියල් 250,000 ක මාසික වැටුපක් ද පොරොන්දු වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙළිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සමාජශාලා නර්තන සඳහා ඔවුන්ට මුදල් ගෙවා නැති අතර දෙහිවල පිහිටි ව්‍යාපාරිකයාගේ මහල් නිවසක නවාතැන් සැපයූ බවයි හෙළි වූයේ. මේ සත් දෙනා ආහාර පාන සඳහා මුදල් සොයාගෙන තිබුණේ නර්තනය සඳහා ලැබුණු සන්තෝෂම්වලින් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles