කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් සහ යාපනය ශික්ෂණ රෝහලෙන් කොවිඩ් මරණ එක බැගින් වාර්තා වී තිබෙනවා.
මිය ගිය දෙදෙනාම කාන්තාවන් බව වාර්තා වෙනවා. කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ කත සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළ PCR පරීක්ෂාවකදී ඇය කොවිඩ් ආසාදිත බව හෙළිව තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ දී මිය ගිය කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ උණ රෝගය නිසාවෙන් රෝහල්ගතව තිබෙනවා. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන්ද හෙළිව ඇත්තේ එය කොවිඩ් 19 ආසාදිත මරණයක් බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඇයගේ සමීප සම්බන්ධතා සෙවීමට පියවර ගෙන තිබෙනවා.
කුරුණෑගල කාන්තාව මිය ගිය වාට්ටුවේ රෝගීන් නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මේ වන විට කොවිඩ් 19 යනු ජනතාව විසින් නොසලකා හැර තිබෙන තත්වයක් නිසා මේ ගැන වැඩි අවධානයක් යොමුවන්නේ නැති වුවත් නැවත මෙය අවධානයට ලක් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.