පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි නිලධාරීන් විසින් කරන ලදැයි කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ලිංගික හිංසනවලට ලක් වූ බව කියන එම අංශයේ සේවිකාවන්ගෙන් සේම එහි නිලධාරීන් 20කගෙන් පමණ ජනවාරි 15 දා ප්‍රකාශ සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.
ජනවාරි 18 දින දක්වා එම විමර්ශන පැවැත්වෙන බව සඳහන්.
මෙම ලිංගික හිංසන සිදුවීමෙන් පසු පාර්ලිමේන්තු සේවිකාවන්ට සාරි ඇඳගෙන පැමිණෙන ලෙස ද දන්වා තිබුණේ ඒවා වැළැක්වීමට ගන්නා පියවරක් ලෙසයි.