පොහොට්ටුවේ මහ පලුවක් ජනපතිට: කංචන කියයි

පොදුජන පෙරමුණේ මහා පලුවක් ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු බලා සිටින්නේ ජනපතිවරයාට සහය පළ කිරීමට බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (30) මාතරදී පැවසුවා.

අමාත්‍යවරයා විසින් මාතර කොටුව ක්‍රීඩාංගණයේ එක්ව ජයගමු මාතර නමින් ජනහමුවක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ජනාධිපතිවරයාද සහභාගි වූවා. නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි යන අයද ජනපතිවරයා වෙනුවෙන් සහය පළ කරමින් රැළියට එක්ව සිටියා.

රටට අවශ්‍ය නිවැරදි තීන්දු ගත හැකි නායකත්වයක් බව පැවසූ ඇමැතිවරයා එම නායකත්වය දැන් රටට ලැබී ඇති බවද කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles