වාහන බලපත්‍ර ගන්න පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරු සමඟි වෙයි

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායකවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය සතියේදී බාරදී තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වෙන්නේ.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිස අතරට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ විරෝධය පළ කළ බවද ඔහු සඳහන් කරනවා.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles