පනත සම්මත කර දෙන්න:රනිල් කථානායකට සැර වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ පනත පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කර ඉරිදා වන විට එය අනුමත කර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට දැඩිව අවධාරණය කළා.

එසේම ඊට බාධා නොකරන ලෙස සදහන් කළ ජනාධිපතිවරයා අර්ථසාධක අරමුදලට සියයට නවයක් දෙන බවට පොරොන්දු වුයේ තමා නොව පොහොට්ටුවේ ආණ්ඩුවෙන් බවත් පැවසුවා.

එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට විපක්ෂය කිසිදු බාධාවක් නොකරන බවත් විවාදය සඳහා අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යංශය විසින් නිසි වේලාවට ලබා දුන්නානම් මෙලෙස ගැටලුවක් මතු නොවන බවත් සඳහන් කළා.

ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සඳහන් කළේ අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ නොතබන බවයි.

නමුත් ඊට ප්‍රතිචාර දැක්වු සමගි ජන බල පක්ෂය මෙම පණතට විරුද්ධ බවත් පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළා.

පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපහාසාත්මක ලෙස අනෙක් අය අගමැතිකම එපා කියලා දුවද්දී තමා වගකීම බාර ගෙන රට ඉදිරියට අරගෙන ඇවිත් සිටින බවත් ඊට සහය දෙන ලෙසත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles