ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
අද (01) දා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා. මෙම සිදුවීම 2015 වසරේ සිදුවූවක්.
පැරණි විදෙස් ගමන් බලපත්‍රයක වලංගු වීසා නව ගමන් බලපත්‍රයකට ද වලංගු බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ.