ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරොම් ප්රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
වෙනත් ආගම්වලට අපහාස කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය සහ 2007 56 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3(1) වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීම සහ වෙනත් ආගම්වලට අපහාස කිරීම සම්බන්ධයෙන් CIDය ජෙරොම් දේවගැතිවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණා.
2023 අප්‍රේල් මස ජෙරොම් ප්රනාන්දු මහතා බුදු දහමට නිගරු වන ආකාරයේ ප‍්‍රකාශ රැසක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.