රට තුළ ආගම් අතර අසමගිය ඇති වන ලෙස තම පුත්‍රයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ දෙමාපියන් ඊයේ සමාව අයැද සිටියා.
ඊයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බැහැ දැක ඔවුන් මෙසේ සමාව අයැද තිබෙනවා.
ආගමික අසමගිය ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ වන විට රටින් බැහැරව සිටින්නේ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පැණවී තිබෙන පසුබිමක යි.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කරගෙන යනවා.