පාඨලීගේ නඩුවට උසාවිය ගත් පියවර

2016 වසරේ රාජගිරියේදී සිදුවූ බව රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුව 2024 පෙබරවාරි 19 වැනි දිනට දින නියමව තිබෙනවා. එදිනට එම නඩුව නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කරනු ලැබුවා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස වාහනයක් පදවාගෙන ගොස් අනතුරක් සිදුකොට සන්දීප් සම්පත් නමැති තරුණයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත්තේ නීතිපතිවරයා විසින්.

මීට පෙර අවස්ථාවකදී විත්තිකරු රණවක වෙත කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා පත්‍රය භාරදීමෙන් පසු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles