රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
ඔහු ඊයේ (12) පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමු වී සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයාට එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබාදීමට පක්ෂයේ එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වෙනවා.
මීට පෙර රත්නපුර දිස්ත්‍රික් නායිකාව ලෙස කටයුතු කළේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් වන අතර ඇය පසුගිය දා ජනපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව ප්‍රකාශ කළා.