අපේක්ෂකයා වත්මන් ජනපතිවරයා බැවින් ඔහුගේ ජයග්‍රහණය සඳහා සහය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරි මාස දෙක තුළ තීරණය කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිඳිමින් ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඇමැතිකම් ලබාගත් කිහිප දෙනා අතර පවිත්‍රා වන්නිආරච්චිද සිටින අතර යහපාලන සමයේ ද ඇය කෙටි කලකට එම රජයේ ඇමැති තනතුරක් දරනු ලැබුවා.
කෙසේ වෙතත් අපේක්ෂකයන් ගැන කිසිවක් ප්‍රකාශ කිරීම පොදුජන පෙරමුණට වාරණය කර ඇති තත්වයකදී ඇයගේ මෙම ප්‍රකාශය විශේෂ වන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.