අවදානමට අවධානය දෙන්න: මෙන්න නවතම කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද (03) දිනයේදීත් බලාපොරොත්තු වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද,

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ කල්පනාකාරීව කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles