දියුණු රටවල වෛද්‍යවරු එම රටවල් හැර යද්දී අපේ රටවලින් වෛද්‍යවරු ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා අපට වන්දි ගෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.
ඔහු මේ බව කියා තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති හමුවක දී යි.
එලෙස වන්දි වශයෙන් ලැබෙන මුදල් නැවත අප රටේ වෛද්‍යවරු පුහුණු කිරීම පිණිස යෙදවිය හැකි බව ජනාධිපතිවරයාගේ අදහස වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊළඟ රැස්වීම් වාරයේ දී මෙම කරුණ සාකච්ඡා කළ යුතු බව එහිදී ජනපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.