සැතපුමට ගෙවන්නේ රු.2යි! බෝවන රෝග පාලනයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත් වෙති

දිවයින පුරා සියලුම මහජන පරීක්ෂකවරු ලබන 22 සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අවස්ථා ගණනාවකදී සිය ඉල්ලීම් වෙනුවෙන් රජයෙන් ප්‍රතිචාර නොලැබීම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම් සඳහා ගෙවනු ලබන්නේ රුපියල් 2ක් පමණක් බවත් අමාත්‍යංශයේ වෙනත් නාස්තිකාර වියදම් කරමින් සිටින බවත් ඔවුන් චෝදනා කරනවා.

මේ අනුව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles