තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී බීමත්ව රිය පදවා අනතුරක් කළ බවට සැකපිට විශ්රාමික ජ්යෙ. පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සිය මෝටර් රථය ධාවනය කිරීමේදී යතුරු පැදියක ගැටී ඇති අතර ඔහු නොනවත්වා සිය රථය ධාවනය කර තිබෙනවා. ඉන් පසුව තවත් මෝටර් රථයකද ගැටී ඇති අතර පොලිස් පරීක්ෂාවේදී ඔහු බීමතින් සිටි බව හෙළි වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කටයුතු කර තිබුණා.