සහල් සහ පොල් ප්‍රමාණවත් තරම් නොමැතිවීමෙන් සතොස අලෙවිසැල්වෙත පැමිණි බොහෝ පාරිභෝගිකයන්ට ඊයේ (08) දිනයේත් හැරි යාමට සිදු ව තිබුණා.
පවතින හිඟය හේතුවෙන් වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් මිල ඉහළ යමින් පැවති පොල් සහ සහල්, සතොස අලෙවිසැල්වලින් සහන මිලට අලෙවිකිරීමේ වැඩපිළිවෙළ ඉකුත් බ්‍රහස්පතින්දා ආරම්භ කරලු ලැබීය.
ඒ අනුව ඊයේ දිනයේද සතොස අලෙවිසැල්වල සහල් සහ පොල් සඳහා දැඩි ඉල්ලුමක් පැවතුණා.
කෙසේවෙතත් ඊයේ ඇතැම් සතොස අලෙවිසැල් වෙත සහල් සහ පොල් ලැබී නොතිබූ බවයි වාර්තා වන්නේ.
මේ අතර ආනයනික සහල් තොග ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙකු ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවයි.