ජනතාව ඉල්ලුවොත් දේශපාලනයට එනවා : සනත් නිශාන්තගේ බිරිඳ

දේශපාලනයට පිවිසීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති වූවත් තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ සඳහන් කර තිබෙනවා.

නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් කර ඇත්තේ ඇය දේශපලෙනයට එන බව කිසිදු මාධ්‍යයකට ප්‍රකාශයක් කර නොමැති බවයි.

ඇය ඇමතිවරයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඩක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් නොතිබූ බව ද සඳහන් කර තිබෙනවා.

නමුත් රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය ඇගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට ඇය ඒ ගැන සිතා බලන බවත් ඇයට දැන් විශාල වගකීමක් දරුවන් සිව්දෙනාගේ අනාගතය පිළිබඳව තිබෙන බවත් ඈ තවදුරටත්  කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles