ජනයා ආර්ථික පීඩාවේ – මන්ත්‍රීන්ට වාහන ගෙන්වයි

මෙරට ජනතාව දරාගත නොහැකි තරම් ජීවන වියදමෙන් පීඩා විඳිද්දී, වාහන බලපත්‍ර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහකාරක සභාව විසින් පිළිගෙන ඇතැයි වාර්තා වෙනවා.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ භාවිතය සඳහා තීරුබදු රහිතව වාහනයක් ගෙන්වීමට බලපත්‍ර ලබා දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපතිවරයාට අවස්ථාව ලැබෙන බව සඳහන්.

කෙසේ වෙතත්, දැනට වසර කිහිපයක් තිස්සේ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා වාහන ගෙන්වීම සීමා කර තිබෙන අතර තීරු බදු රහිත වාහන ගෙන්වීමේ බලපත් ලබා දීම අත්හිටුවා තිබෙනවා.

මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පිරිසකට නැවත පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාවද අභියෝගයකට ලක්ව ඇති තත්වයක වාහන බලපත් ලබා දෙන්නේ නම් එය සන්තෝසම් ලෙස ගිණිය හැකි බවයි දේශපාලන විචාරකයෙක් අප සමඟ පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles