තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට නෑ: මහචාර්ය අතුකෝරළ

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන්වල පහළ යෑමේ වාසිය පූර්ණ වශයෙන් මෙරට ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛය්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ වසරේ මාර්තු වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල 27% පහළ ගොස් තිබෙන බව පවසන එහෙත් ලංකාවේ පෙට්රල් ලීටරය 2023 දී 365ක් ලෙස තිබී මේ වන විට 355කට අලෙවි කරන බවත් එනම් අඩු කර තිබෙන්නේ 2%කින් බවත් මහාචාර්යවරයා පවසා සිටිනවා.

ඒ අනුව ඩීසල් මිල පහළ දමා ඇත්තේ 11%කින් බවයි ඔහු පවසන්නේ

සමස්තයක් ලෙස ගත් කල පොදුවේ ලෝක තෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට නොලැබෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles