ජනතාව දුන් ඡන්දයෙන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගොස් රනිල්ගේ කුස්සියේ වලන් හෝදන සංස්කෘතිය අවසන් කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.
ඊය් (23) අම්පාරේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
”අපි දේශපාලනයට එන්න හිටිය අය නෙමෙයි. ඔබටත් දේශපාලනය එපා වෙලා ඇති. අපිට සම්ප්‍රධායික දේශපාලනයේ පැහැදිලි වෙනසක් කිරීමට අවශ්‍යයි. මොකද්ද මේ වෙනස, මේ වෙනස තමයි අලුතින් හිතමු කියන වෙනස. ඒ කියන්නේ මෙතෙක් කලක් ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආපු අර පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහිලා රනිල් මහත්තයාගේ කුස්සියේ වලන් හෝදන සංස්කෘතිය අවසන් කරමු කියන එකයි අපි මේ කියන්නේ. අපිට අවශ්‍ය අලුතින් හිතන පිරිසක් මේ රටේ දේශපාලන කරන යුගයක් බිහි කිරීමටයි. සම්ප්‍රදායික එහෙයියන්ගේ දේශපාලන කෙරුවාව නිසා තමයි ඔබ අද දුක් විඳින්නේ. අපට අවශ්‍ය අලුතින් හිතන මිනිස්සු එක්ක එකතු වෙලා ඔබේ ජීවිතය වඩාත් සුවපහසු ජිවිතයක් බවට පත් කරන්න.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.