රාජ්‍ය ඇමැතිට අවසන් ගෞරවය දෙන්න ජනතාව පෝලිමේ එති

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරාගේ දේහය කොළඹ සිට ආරච්චිකට්ටුව නිවස වෙත ඊයේ සවස් වරුවේ රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල වශයෙන් ජනතාව ඇදෙමින් සිටින බව වාර්තා වෙනවා.

කැබිනට් ඇමැතිවරුන්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ සාමාන්‍ය ජනතාව ආරච්චිකට්ටුව වෙත ඊයෙ පටන් පැමිණෙමින් තිබෙන බවයි දැනගැනීමට ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ඉරිදා එනම් හෙට (28) දා රජකදළු කතෝලික දේවස්ථානයේ දී සිදු කෙරෙන බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles