මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘ලම්ප්රයිස්’ අලෙවි කළ බවට වරද පිළිගන්නා ලද මෙරට සුප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතනයක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.
රුපියල් 180,000 දඩයක් ගෙවන ලෙස එහි අධ්‍යක්ෂවරුන් නව දෙනා වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
ආයතනයේ නිෂ්පාදනය කරන ලද අදාළ ආහාරයේ නිදර්ශක බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසුව ලැබුණු වාර්තාව මත අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවත් අදාළ ආහාරවල බැක්ටීයා අපද්‍රව්‍ය ඇති බවද සනාථ වී ඇති බවයි සඳහන් වන්නේ.