නිමල්ට -දුමින්දට වැඩබලන තනතුරු වෙනුවට ස්ථිර තනතුරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත් වී ඇත්තේ දුමින්ද දිසානායකයි.

මීට පෙර එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා සහ වැඩබලන ලේකම්වරයා ලෙස ඔවුන් කටයුතු කරනු ලැබුවා.

මෙම විධායක සභාව වැඩ බලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02 ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles