ජාතික රෝහලේ PET ස්කෑන් නවතී

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ නවතා දමන්න සිදු වී ඇති බවත් අවසන් වරට පෙට් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවේ මේ මස 13 වැනි දා බවත් එම පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදු කරන්නේ නම් එක පරීක්ෂණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක් පමණ වැය වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.

තම සංගමය මාස ගණනක පටන් බලධාරීන්ට පැවසුවත් තාක්ෂණවේදී හිඟය විසඳීමට ඔවුන් කටයුතු නොකළ බව එම සංගමය චෝදනා කරනවා. පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණු නිලධාරීන් තිදෙනෙක් අවශ්‍ය බවත් එක් අයෙක් විශ්‍රාම ගොස් ඇති බවත් තවත් අයෙක් රට හැර ගොස් ඇති බවත් ඉතිරිව සිටින එකම නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බවත් එහිදී තවදුරටත් සඳහන් කෙරුණා.

පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය යන්ත්‍රයක් වන පෙට් ස්කෑන් පරීක්ෂණ නැවතී යාම ඉතා බරපතළ තත්වයක් බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ වෙනුවෙන් තාක්ෂණ නිලධාරියෙක් පුහුණු කිරීම සඳහා මාස 6-8ක් ගත වන බවත් මේ ගැන බලධාරීන් කිසිදු අවධානයක් යොමු කර නැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසා සිටියා.

විශ්‍රාම ගිය නිලධාරියා ස්වේච්ඡාවෙන් පැමිණ සේවය කළ බවත් අඩුම තරමේ ඔහුට සේවා දිගුවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකරන බව එම සංගමය පවසනවා. එම සේවා දිගුව හෝ ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් මාස 6ක කාලයක් සඳහා ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නවතිනු ඇති බවයි ඔවුන් සඳහන් කරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles