ලබන වසරේ (2024) ජනවාරි පළමුවැනි දා සිට පෙට්රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙනවා.
යෝජනා වී තිබෙන 18% වැට් බද්දට සාපේක්ෂව එම බදු අය කිරීමට නියමිත බවයි දැනගන්නට ඇත්තේ. ඒ අනුව ලබන වසරේදී තෙල් මිල තවත් 10%කින් ඉහළ යෑම සිදුවෙන බව සඳහන් වෙනවා.
මේ දක්වා තෙල් වෙනුවෙන් වැට් බදු අය නොකළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම තීරණය ගනු ඇති බවයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.