පොහොට්ටු මන්ත්‍රී බාල වයස්කාර සිසුවෙකුට පහරදී සැඟවිලා

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු වන තරංග ජයසිංහ සිසුවෙකුට පහර දී තිබෙනවා.

තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි, එම සිසුවාගේ මව සඳහන් කරන්නේ.

එහෙත් පල්ලෙවෙල පොලිස් ස්ථානය වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක W.G.D ජයන්ත සඳහන් කරන්නේ මෙම තරංග ජයසිංහ නමැති මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

එම සිසුවාගේ මව පවසන්නේ පසුගිය 11 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිසුවාට පහරදී ඇති බවයි. මේ සම්බන්ධයෙන්, පල්ලෙවල පොලීසිය සඳහන් කරන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පාසලේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක් වූ මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

අදාළ සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ද ඉන්ධන පිරවුම්හලකදී පහර දීමක් සම්බන්ධව ද පල්ලෙවෙල පොලිසිය විසින් මින් පෙර අවස්ථාවක අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles