ඉන්දියාවේ වාසියට තණතීරු මාරු වෙයි

අද (15) දින මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පළමු අර්ධ අවසන් තරගය සඳහා යොදාගැනීමට නියමිතව තිබූ තණතීරුව හදිස්සියේ වෙනස් කර ඇති බව වාර්තා වෙනවා.

වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා තණතීරු අංක 6-8-6-8-7 ලෙස යොදා ගැනීමට එකඟ වී තිබුණත් එකඟතාවයේ පරිදි නියමිත අංක 7 තණතීරුව වෙනුවට පෙරත් දෙවතාවක්ම භාවිතා කළ අංක 6 තණතීරුවම යොදා ගැනීමටයි දැන් සූදානම් වන්නේ. ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ලකුණු 302ක දැවැන්ත ජයක් ලැබුවේ මෙම තණතීරුවේ වන අතර, මෙයට පෙර දෙවතාවක්ම භාවිතා කළ තණතීරුවක් ඉන්දියාවේ ප්‍රබල දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙනු ඇති බවයි බලාපොරොත්තු වන්නේ.

කෙසේ වෙතත් මෙම හදිසි තණතීරු වෙනස් කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්වාධීන තණතීරු විශේෂඥ්ඥ Andy Atkinson විශ්මය පළ කළ බව Cricinfo ඇතුළු වෙබ් අඩවිවල වාර්තා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles