පියුමි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.

තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවයි එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

“මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණ ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම රුපියල් 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.” යැයි ඇය වැඩිදුරටත් කියා සිටියා.

1 COMMENT

  1. ලක් මවගේ දේශපාළනයට සියළු සුදුසුකම්
    සපුරා සිටි පියුමි හංසමාලිට අඩුවක්ව පැවති සුදුසුකමත් මෙයත් සමගම ලැබෙනවා, ඉතිං මීළඟ චන්දයකදි ඇයව පෝස්ටර් තුලින් හමුවෙමු. ජයවේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles