ගෝඨා මගෙ බාප්පා නෙවෙයි: පියුමි හංසමාලි

මහින්ද රාජපක්ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්ෂ බාප්පා නොවන බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පවසනවා. තමා අලෙවිසැලකින් මිලට ගත් වාහනය ගෝඨාභය විසින් පාවිච්චි කර තිබීම ගැන තමන්ගේ වරදක් නැති බවයි ඇය කියා සිටින්නේ.

ඊයේ (2) නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය වෙත කැඳවූ ඇය මෙසේ මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

තමන් අහිංසක ලෙස ව්‍යාපාරයක් කරන අයෙක් බව කී ඇය මෙලෙස චෝදනා නැගීම පවුකාර වැඩක් බවත් ඒ වෙනුවෙන් දෙවියන් දඬුවම් කරනු ඇති බවත් පවසනවා. යමක් ඉගෙන ගෙන පැමිණ මුදල් උපයා වාහනයක් ගැනීමට තහනමක් ඇතිදැයි ඇය විමසා සිටිනවා.

තම සමාගම අලෙවි කරන ක්‍රීම් පැක් එකක් රුපියල් 35000ක් පමණ වන බවත් ඇනවුම් 25000ක් පමණ මේ වන විට සපයා ඇති බවත් ඇය කියා සිටියා.

මෙවැනි ප්‍රශ්න එතැයි අනුමාන කළ බැවින් ව්‍යාපාරයේ සියලු ගනු දෙනු බැංකු හරහා කළ බව කී හංසමාලි, තමා මුදල් ඉපැයූවේ කුඩු හෝ කළු සල්ලි මගින්ද යන්න ඉදිරියේදී දැනගත හැකි බව වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles